11 හා 12 වසර සඳහා විෂයන් තෝරා ගැනීම (Choosing Year 11 and 12 subjects) - සිංහල (Sinhalese)
11 සහ 12 වසර සඳහා තෝරා ගත යුතු විෂයන් තීරණය කරන්නේ කෙසේද?
11 සහ 12 වසරවල විෂයන් සඳහා ඔබට පවතින වරණයන් ගැන වැඩිදුර දැනගන්න.
11 සහ 12 වසර සඳහා විෂයන් තෝරාගැනීමේදී, ඔබ දක්ෂ කුමකටද සහ කැමති කුමකට ද යන්න ගැන සලකා බැලීම වැදගත් වේ.
ඔබ පාසල හැර යන විට කිරීමට අවශ්‍ය කුමක්දැයි ඔබ දන්නේ නම්, එම ඉලක්කය කරා ඔබව ගෙන යන විෂයයන් ඇතුළත් කළ හැකිය.
ඔබ නොදන්නේ නම්, පාසැල් හැර යාමෙන් පසු ඔබට ඇති වරණයන් විවෘතව තබා විෂයයන් ඇතුළත් කළ හැක.
සෑම පාසලක් විසින් ම ඔවුන් පිරිනමන VCE විෂයයන් සහ VET අධ්‍යයන විකල්පයන් තීරණය කරන අතර, සියලුම පාසල් සියලු අධ්‍යයනයන් ලබා නොදේ. ඔබේ වරණයන් ගැන ඔබේ පාසලෙන් පරීක්ෂා කර බලන්න.
මෙම පිටුව WhatsApp ඔස්සේ බෙදා ගන්න
පූර්ව අවශ්‍යතා
ඔබට විශ්වවිද්‍යාලයට යාමට අවශ්‍ය නම්, TAFE හි ආධුනිකත්වයක් ආරම්භ කිරීමට හෝ අධ්‍යයනය කිරීමට අවශ්‍යනම්, ප්‍රවේශය සඳහා වන අවශ්‍යතා ගැන ඔබ විසින් සොයා බැලිය යුතුය. මේවා පූර්ව අවශ්‍යතා ලෙස හඳුන්වනු ලබන අතර, ඒවා එක් එක් පාඨමාලා සහ සැපයුම්කරුවන් සඳහා වෙනස් වනු ඇත.
පිවිසුම් මාවත්
11 සහ 12 වසරවල පිවිසුම් මාවත් තුනක් තිබේ - VCE, VCE VM සහ VPCඔබට මෙම ඕනෑම පිවිසුම් මාර්ගයකට VET එකතු කළ හැකිය.
11 සහ 12 වසර සඳහා VCE සහ VCE VM විෂයයන්
ව්‍යාපාර හා ආර්ථික විද්‍යාව
විෂය වරණයන්: ගිණුම්කරණය, ව්‍යාපාර කළමනාකරණය, ආර්ථික විද්‍යාව, කර්මාන්ත සහ ව්‍යවසාය, නීති අධ්‍යයනය.
සැලසුම් සහ තාක්ෂණය
විෂය වරණයන්: කෘෂිකාර්මික හා උද්‍යාන විද්‍යාත්මක අධ්‍යයනය, ආහාර අධ්‍යයනය, නිෂ්පාදන සැලසුම් සහ තාක්ෂණය, පද්ධති ඉංජිනේරු. විද්‍යාව.
ඩිජිටල් තාක්ෂණ
විෂය වරණයන්: ඇල්ගොරිතම (HESS), ව්‍යවහාරික පරිගණකකරණය.
ඉංග්‍රීසි
විෂය වරණයන්: ඉංග්‍රීසි භාෂාව, පදනම් ඉංග්‍රීසි, සාහිත්‍යය, සාක්ෂරතාවය (VCE VM සිසුන් පමණි), සම්බන්ධ කිරීමේ ඉංග්‍රීසි අතිරේක භාෂාවක් ලෙස, ඉංග්‍රීසි අතිරේක භාෂාවක් ලෙස.
සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
විෂය වරණයන්: සෞඛ්‍ය සහ මානව සංවර්ධනය, එළිමහන් සහ පාරිසරික අධ්‍යයනය, ශාරීරික අධ්‍යාපනය.
මානවශාස්ත්‍ර
විෂය වරණයන්: ඔස්ට්‍රේලියානු සහ ගෝලීය දේශපාලනය, සම්භාව්‍ය අධ්‍යයනය, භූගෝල විද්‍යාව, ඉතිහාසය, දර්ශනය, ආගම සහ සමාජය, සමාජ විද්‍යාව, පාඨ සහ සම්ප්‍රදායන්.
භාෂා
විෂය වරණයන්: පළමු භාෂා, දෙවන භාෂා, සම්භාව්‍ය භාෂා, වික්ටෝරියාවේ ආදිවාසී භාෂා, චීන භාෂාව, සංස්කෘතිය සහ සමාජය, CCAFL.
ගණිතය
විෂය වරණයන්: විෂය විකල්පයන: පදනම් ගණිතය, සාමාන්‍ය ගණිතය, ගණිත ක්‍රම, විශේෂඥ ගණිතය, ගණිත හැකියාව (VCE VM සිසුන් පමණි).
ප්‍රාසාංගික කලාව
විෂය වරණයන්: නැටුම්, නාට්‍ය, සංගීතය, රංග අධ්‍යයනය.
විද්‍යාව
විෂය වරණයන්: ජීව විද්‍යාව, රසායන විද්‍යාව, පරිසර විද්‍යාව, භෞතික විද්‍යාව, මනෝ විද්‍යාව.
දෘශ්‍ය කලා
විෂය වරණයන්: චිත්‍ර නිර්මාණ අභ්‍යාස, චිත්‍ර නිර්මාණය සහ ප්‍රදර්ශනය, මාධ්‍ය, දෘශ්‍ය සන්නිවේදන නිර්මාණය.
Vocational Major (වෘත්තීමය ප්‍රධාන විෂය)
විෂය වරණයන්: රැකියා ආශ්‍රිත කුසලතා, පුද්ගලික සංවර්ධන කුසලතා.
2025 වන විට VCE Vocational Major සිසුන්ට පමණක් නොව සාමාන්‍ය VCE සිසුන්ට ද ඔවුන්ගේ වැඩසටහනට මෙම විෂයයන් පිරිනැමීමට පාසල්වලට හැකි වනු ඇත.
ඔබට ඔබේ VCE, VCE Vocational Major හෝ VPC තුළ VET ඇතුළත් කළ හැකිය.

වෘත්තීමය අධ්‍යාපනය සහ පුහුණුව 11 හා 12 වසරවලට ගැළපෙන ආකාරය (How VET fits into Year 11 and 12) - සිංහල (Sinhalese)
VET වික්ටෝරියාවේ අනෙක් 11 හා 12 වසර අධ්‍යයනයන් සමග ගැළපෙන ආකාරය ගැන වැඩිදුර දැන ගන්න.
Victorian Certificate of Education (ඔබේ වික්ටෝරියානු සහතික පත්‍රය).
ඔබ VCE ප්‍රවේශ මාර්ගය තෝරා ගන්නේ නම්, 12 වසර අවසන් වන විට ඔබ VCE සඳහා අවශ්‍යතා සියල්ල සපුරා ඇති බව තහවුරු කර ගත යුතුය. මේ සඳහා ඔබේ පාසල ඔබට උපකාර කරනු ඇත.
VCE විෂයයන් ඒකක 1,2,3, හා 4 ලෙස බෙදා වෙන් කර තිබේ.
ඒකක 1 සහ 2 බොහෝ විට එකට ගන්නා නමුත් වෙන වෙනම ගැනීම ද කළ හැකිය. සමහර පාසල් මගින් 10 වසරේ සිසුන්ට ඒකක 1 සහ 2 පිරිනමයි. ඔබ එම විෂය ක්ෂේත්‍රයට කැමති දැයි සොයා බැලීමට සහ VCE සඳහා මූලික ආරම්භයක් ලබා ගැනීමට මෙය හොඳ ක්‍රමයකි.
සාමාන්‍ය VCE සිසුන් ඕනෑම තනි VCE විෂයයක් සඳහා එම වසරේම ඒකක 3 සහ 4 එකට හැදෑරිය යුතුය. 11 වසරේ දී සිසුන්ට ඒකක 3 සහ 4 විෂයයන් හැදෑරිය හැකිය.
ඔබ විසින් අවම වශයෙන් ඒකක 16ක් සම්පූර්ණ කළ යුතු අතර එයට පහත විෂයන් ඇතුළත් විය යුතුය:
- ඒකක 3 සහ 4 විෂයන් අනුපිළිවෙල 3 ක්
- ඉංග්‍රීසි විෂය කණ්ඩායමකින් ඒකක 3ක් (ඒකක 3 සහ 4 ඇතුළුව).
බොහෝ සිසුන් සිය වසර දෙකක VCE කාලය තුළ ඒකක 20ක් 24ක් අතර සම්පූර්ණ කරති.
මෙයින් අදහස් වන්නේ:
- 11 වසරේ දී ඒකක 1 හා 2 විෂයන් 6ක් (සියල්ල ඒකක 12ක්)
- 12 වසරේ දී ඒකක 3 හා 4 විෂයන් 5ක් (සියල්ල ඒකක 10ක්).
උදාහරණ VCE වැඩසටහනක්
11 වසර (විෂයන් 6= ඒකක 12)
- ඉංග්‍රීසි ඒකක 1 හා 2 (ඉංග්‍රීසි විෂයන්ගෙන්)
- ගණිත ක්‍රම ඒකක 1 හා 2
- ව්‍යාපාර කළමනාකරණය ඒකක 1 හා 2
- මනෝවිද්‍යාව ඒකක 1 හා 2
- මාධ්‍ය ඒකක 3 හා 4
- තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ඒකක 1 හා 2 (VCE VET විෂයයන්).
12 වසර (විෂයන් 5 = ඒකක 10)
- ඉංග්‍රීසි ඒකක 3 හා 4 (ඉංග්‍රීසි විෂයන්ගෙන්)
- VCE ගණිත ක්‍රම ඒකක 3 හා 4
- මනෝවිද්‍යාව ඒකක 3 හා 4
- ව්‍යාපාර කළමනාකරණය ඒකක 3 හා 4
- තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ඒකක 3 හා 4 (VCE VET විෂයයන්).
එකතුව: ඒකක 22 (අවම ඒකක 16 ඇතුළත් ව).
ඔබ විෂයයක ඒකක 1 සහ/හෝ 2 සම්පූර්ණ කිරීමෙන් පසු ඔබේ අදහස වෙනස් වුවහොත්, ඔබ එය 12 වසරේ ඒකක 3 සහ 4 තුළ දිගටම කරගෙන යාමට අවශ්‍ය නැත.
ඔබට ඔබේ VCE අධ්‍යයන සමග VET විෂයයන් ද ඇතුළත් කළ හැකිය. මෙය ඔබ උනන්දුවක් දක්වන කර්මාන්තයක ප්‍රායෝගික කුසලතා සහ ඔබේ වෘත්තීය මාවතේ කඩිනම් ආරම්භයක් ඔබට ලබා දෙයි.
VCE විෂයයන් පිළිබඳ වැඩිදුර දැන ගැනීමට, Victorian Curriculum and Assessment Authority’ (වික්ටෝරියානු විෂයමාලා සහ තක්සේරු අධිකාරියේ)(opens in a new window) වෙබ් අඩවියට පිවිසෙන්න.
ATAR ශ්‍රේණිගත කිරීම
ATAR ගණනය කිරීමේදී, වික්ටෝරියානු තෘතියික ප්‍රවේශ මධ්‍යස්ථානය (VTAC) අධ්‍යයන ලකුණු ශ්‍රේණිගත කිරීම සිදු කරයි. මෙමගින් සිසුන්ගේ සියලුම අධ්‍යයනවලට වඩා ශිෂ්‍ය සාධන සාධාරණ ලෙස සැසඳීමට ඉඩ සලසයි.
සමහර විෂයයන් සඳහා ඉහළ VCE අධ්‍යයන ලකුණු ලබා ගැනීම අනෙක් ඒවාට වඩා දුෂ්කර බව සලකමින් ශ්‍රේණිගත කිරීම සකස් කරයි. මෙයට හේතුව ඒවා ස්වභාවයෙන්ම දුෂ්කර හෝ පහසු නිසා නොවේ. එයට හේතුව සමහර අධ්‍යයනයන් වඩාත් තරගකාරී සිසුන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමයි.
ATAR ශ්‍රේණිගත කිරීම පිළිබඳ වැඩි විස්තර සඳහා, VTAC වෙබ් අඩවියට(opens in a new window) පිවිසෙන්න.
VCE Vocational Major (VCE VM) (VCE වෘත්තීමය ප්‍රධාන ධාරාව)
ඔබ VCE VM පිවිසුම් මාර්ගය අනුගමනය කිරීමට තෝරා ගන්නේ නම්, 12 වසර අවසන් වන විට ඔබ VCE VM සඳහා අවශ්‍යතා සියල්ල සපුරා ඇති බව තහවුරු කර ගත යුතුය. මේ සඳහා ඔබේ පාසල විසින් ඔබට උපකාර කරනු ඇත.
ඔබ විසින් අවම වශයෙන් ඒකක 16ක් සම්පූර්ණ කළ යුතු අතර එයට පහත විෂයන් ඇතුළත් විය යුතුය:
- VCE VM සාක්ෂරතාව හෝ VCE ඉංග්‍රීසි
- VCE VM ගණිත හැකියාව හෝ VCE ගණිතය
- VCE VM රැකියා සම්බන්ධ නිපුණතා
- VCE VM පෞද්ගලික සංවර්ධන නිපුණතා
- VET හි සහතිකපත් II හෝ ඉහළ මට්ටමක් (නාමික පැය 180ක්).
ඔබට ඔබේ VET අධ්‍යයනයට අදාළ සේවා ස්ථානයක දී ඉගෙනීම කිරීමට ද හැකිය මෙය ව්‍යුහමය රැකියා ස්ථාන ඉගෙනුම පිළිගැනීම ලෙස හැඳින්වේ.
ඔබට මෙම ඒකක වෙනත් VCE විෂයයන් සමග ඒකාබද්ධ කළ හැකි බැවින් ඔබට හොඳ විෂය සංයෝජනක් ලැබෙනු ඇත. කාලසටහනේ කළ හැකි විෂය සංයෝජන මොනවාදැයි ඔබ ඔබේ පාසල සමග පරීක්ෂා කළ යුතුය.
VCE VM විෂයයන් පිළිබඳ වැඩිදුර දැන ගැනීමට, Victorian Curriculum and Assessment Authority’ (වික්ටෝරියානු විෂයමාලා සහ තක්සේරු අධිකාරියේ)(opens in a new window) වෙබ් අඩවියට පිවිසෙන්න.

VCE VM මූලික විෂයන් (VCE VM Core Subjects) - සිංහල (Sinhalese)
VCE Vocational Major හි මූලික විෂයයන් 4 ගැන වැඩිදුර දැනගන්න.
Victorian Pathways Certificate (VPC) (වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය)
VPC යනු විවිධ හේතූන් මත VCE හෝ VCE VM සම්පූර්ණ කිරීමට සූදානම් නැති හෝ හැකියාවක් නොමැති ඕනෑම කෙනෙකු සඳහා පවතින වඩාත් නම්‍යශීලී වරණයකි.
ඔබට අවශ්‍ය නම් 10 වසරේ දී VPC ආරම්භ කළ හැකි අතර ඉදිරි වසර දෙක තුළ (හෝ ඔබට අවශ්‍ය නම් ඊට වැඩි කාලයක්) එය සම්පූර්ණ කිරීමට ගත කළ හැකිය.
ඔබ විසින් ඒකක 12ක් වත් සම්පූර්ණ කළ යුතු අතර එයට පහත විෂයන් වත් ඇතුළත් විය යුතුය:
- VPC සාක්ෂරතා ඒකක 2ක්
- VPC සගණනතා ඒකක 2ක්
- 2 VPC රැකියා සම්බන්ධ නිපුණතා ඒකක
- VPC පෞද්ගලික සංවර්ධන නිපුණතා ඒකක 2ක්.
ඉතිරි ඒකක හතර වෙනත් VPC ඒකකවලින් හෝ VET සහතිකය I හෝ ඉහත විෂයයකින් විය හැකිය.
ඔබට රැකියා ස්ථානයක දී ඉගෙනීම කළ හැකිය. ඔබට තවත් VPC ඒකක කළ හැකි අතර ඔබේ පාසලෙන් පිරිනමන්නේ නම් VCE හෝ VCE VM ඒකක ද කළ හැකිය.
ඔබට VPC හි දී VET ද කළ හැකිය, එමගින් ඔබට පාසල හැර යාමෙන් පසු රැකියාවක් කිරීමට අවශ්‍ය ක්ෂේත්‍රයක ප්‍රායෝගික කුසලතා ලබා ගත හැකිය.
වැඩිදුර විස්තර
මෙම සියලු විකල්පයන් සහිතව, ඔබේ ගුරුවරුන්, දෙමාපියන් සහ පාසලේ වෘත්තීය උපදේශකවරයා සමඟ කතා කිරීම වැදගත් වේ. ඔබට වඩාත් සුදුසු වන්නේ කුමක්දැයි සොයා බැලීම සඳහා උපකාර කිරීමට ඔවුන්ට හැකි වනු ඇත.
VCE, VCE Vocational Major හෝ VPC ගැන වැඩිදුර දැන ගැනීමට, මෙම පිටුවලට පිවිසෙන්න:

වික්ටෝරියානු අධ්‍යාපන සහතික පත්‍රය ගැන (About the Victorian Certificate of Education) - සිංහල (Sinhalese)
Victorian Certificate of Education (VCE) (වික්ටෝරියානු අධ්‍යාපන සහතික පත්‍රය) සහ එමගින් ඔබ ගෙන යා හැකි තැන් ගැන වැඩිදුර දැන ගන්න.

VCE Vocational Major (VCE වෘත්තීමය ප්‍රධාන ධාරාව) ගැන (About the VCE Vocational Major) - සිංහල (Sinhalese)
VCE තුළම අඩංගු වසර දෙකක නව වැඩසහටනක් වන Vocational Major (වෘත්තීමය ප්‍රධාන ධාරාව) VCE හි දැන් ඇතුළත් වේ.

වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය ගැන (About the Victorian Pathways Certificate) - සිංහල (Sinhalese)
VPC හා එමගින් ඔබ ගෙන යා හැකි තැන් ගැන වැඩිදුර දැන ගන්න.
Updated 27 March 2026
About the VIC Government
- The Premier and ministers
- Find a Vic Gov department, agency or service
- Strategies and policies
- Inquiries and royal commissions
Grants and programs
Jobs and careers
Arts, culture and heritage
Business and the workplace
- Mentally Healthy Workplaces Framework
- Portable Long Service Authority
- Victoria’s racing industry
- Workforce Inspectorate Victoria
- Liquor licensing, sale and supply
Communities
- Children
- First Peoples - State Relations
- Finding records
- Gender equality & women’s leadership
- LGBTIQA+ equality
- Multicultural communities
- Seniors Online
- Veterans support and commemoration
- Volunteering in Victoria
- Youth Central
Education and training
- Victorian Early Childhood Regulatory Authority
- Early childhood education – information for professionals
- Kinder: Best Start, Best Life
- Education – information for parents
- Schools.Vic - information for schools
- Education grants, programs, awards and events
- PROTECT
- TAFE, training and universities sector
- TAFE Victoria
- Victorian Skills Authority
- Apprenticeships Victoria
- Learn Local
Environment, water and energy
Finance and economy
Health and social support
- Family violence reform
- NDIS Worker Screening Check
- NDIS and disability services and support in Victoria
- Patient Review Panel
- Transforming Trauma Victoria
Housing and property
Law and justice
- Adoption
- Births, deaths and marriages
- Honorary justices
- Machete ban
- Safeguarding Victorians against terrorism
- Stolen Generations Reparations Package
- Victims of Crime
- Victorian Racing Tribunal
Safety and emergencies
- Emergency Recovery Victoria
- Victorian Emergency Relief and Recovery Foundation
- Emergency Recovery Resource Portal
- How well do you know fire
- Fire Services Reform
- Water safety
- Marine Search and Rescue
Science and technology
- Data sharing and open data
- Data.vic - discover and access Vic Gov open data
- Developer.Vic - portal for API developers
- Go.vic URL shortener
- Vic Gov IT project dashboard
- Victoria’s free public wi-fi network
- Cyber security in the Victorian Government
Sport and recreation
Traffic and transport
- Cameras Save Lives
- Transport Fines
- Getting Around
- Transport Planning
- Transport Future
- Climate Change and transport
- Future Directions For Transport
- Transport projects
- Ports and Freight
Working in the Victorian Government
- Single Digital Presence home
- Accommodation and Library Services
- Executive employment in the Victorian public sector
- Budget, procurement and funding
- Careers in the Victorian Government
- Council and Regulator Toolkit
- Guidelines for working in government
- Join a government network
- Standards and guidelines
- VicFleet CarPool
- Victorian Government style guide