Mini vic.gov.au

This is a low bandwidth version of vic.gov.au. Contents may not be up to date. © Copyright State Government of Victoria

වෘත්තීමය අධ්‍යාපනය සහ පුහුණුව 11 හා 12 වසරවලට ගැළපෙන ආකාරය (How VET fits into Year 11 and 12) - සිංහල (Sinhalese)

VET ගැන ඔබ දැනගත යුතු සියල්ල, ඔබට ලැබෙන කුසලතා, සහ එමගින් ඔබව රැගෙන යා හැකි තැන.

On this page

VET ගැන

වෘත්තීය අධ්‍යාපන පුහුණුව (VET) යනු විශේෂිත කාර්මික ඉගෙනීමකි.

ඔබ VET වෙතින් ඉගෙන ගන්නා කුසලතා රැකියා ස්ථානයේ දී හෝ ඔබ ව්‍යාපාරයක් හෝ සුදුසුකමක් සඳහා දිගටම අධ්‍යනය කරන විට උපයෝගී කර ගත හැකිය.

ඔබ 11 වසරේ හෝ 12 වසරේ සිටින අතරතුර ඔබේ අධ්‍යාපනයට VET එකතු කර ගත හැකිය. සමහර පාසල් සිසුන්ට 10 වසරේ දී VET ආරම්භ කිරිමට අවස්ථාව ලබා දේ.

පහත දැක්වෙන දේ සඳහා VET ඇතුළත් කර ගත හැකිය:

VET සුදුසුකම් මත පදනම්ව, ඔබ ඔබේ පාසලේ හෝ අසල පාසලක/TAFE ආයතනයක්/පුහුණු සපයන ස්ථානයක ඉගෙනීම සිදු කරනු ඇත.

මෙම පිටුව WhatsApp ඔස්සේ බෙදා ගන්න

එමගින් ඔබව ගෙනයා හැක්කේ කොතැනටද

ඔබ පාසැලේ සිටියදී ම ඔබේ වෘත්තීය මාවත ආරම්භ කිරීමට VET උපකාර කරයි.

එය ඔබ උනන්දුවක් දක්වන කර්මාන්තයක ප්‍රායෝගික කුසලතා ලබා දෙන අතර එමගින් ඔබේ රැකියා හැකියාව වැඩි දියුණු වේ.

VET ඔබේ සම්පූර්ණ කිරීම සඳහා ඔබට විෂය භාර ලබා දෙයි:

සමහර VET වැඩසටහන් මගින් ATAR සඳහා, ඔබ එවැන්නකට සුදුසුකම් ලබන්නේ නම්, දායක වන ලකුණු ලබා දෙයි ලකුණු නොලබන VCE VET වැඩසටහනකින් ඒකක 3-4 අනුපිළිවෙලක් ලබා ගන්නා ශිෂ්‍යයෙකුට ඔවුන්ගේ ATAR සඳහා වර්ධකයක් ලැබීමට සුදුසුකම් ලැබිය හැකිය.

SBAT සමග උපයමින් ඉගෙන ගන්න

ඔබ VCE, VCE VM හෝ VPC කරන අතරතුර, සමහර VET විකල්පයන් ගෙවීම් කරන පාසල් පදනම් කරගත් ආධුනිකත්ව හෝ පුහුණු (SBAT) ලෙස ලබා ගත හැකිය.

පුහුණු වැටුපක් උපයමින් සුදුසුකම් ලත් වෘත්තිකයන් සමග වැඩ කරමින් සිටින අතරතුර, මෙම විකල්පය මගින් ඔබට අර්ධකාලීන සේවකයෙකු ලෙස රැකියා ස්ථානයේ දී ඉගෙනීමට ඉඩ සලසයි. බොහෝ SBAT සිසුහු 12 වසර අවසන් කිරීමෙන් පසු පූර්ණ කාලීන ආධුනිකයෙකු ලෙස හෝ පුහුණුවන්නෙකු ලෙස රැකියාව දිගටම කරගෙන යති.

මෙම විකල්පය ගැන වැඩි විස්තර දැන ගැනීමට, පාසල් පාදක ආධුනිකත්ව සහ පුහුණුවීම් වෙත පිවිසෙන්න.

ඔබේ VET තෝරා ගැනීම්

වැඩි වැඩියෙන් පාසල් පහත ලැයිස්තුගත කර ඇති ප්‍රමුඛතා මාර්ගවල VET පිරිනමති. ඔබේ පාසලේ ඇති වරණයන් මොනවාදැයි සොයා ගැනීමට ඔබේ පාසලේ වෘත්තීය උපදේශකවරයා සමග කතා කරන්න.

පහත ලැයිස්තුගත කර ඇති සමහර සහතිකවල ලබාගත හැකි ලකුණු මාර්ග සහ ලබාගත හැකි ඒකක 3 සහ 4 අනුපිළිවෙල අඩංගු වේ. මේවා අදාළ වන VET විකල්පයන් සලකුණු කර ඇත්තේ:

සෞඛ්‍යය

මෙම සහතිකපත් VCE VET සෞඛ්‍ය වැඩසටහනේ ඇතුළත් වේ.

ප්‍රජා සේවා හා මුල් ළමාවිය අධ්‍යාපනය

මෙම සහතිකපත් VCE VET ප්‍රජා සේවා හෝ ව්‍යාවහාරික භාෂා වැඩසටහන්වලට ඇතුළත් වේ.

ගොඩනැගිලි හා ඉදිකිරීම්

මෙම සහතිකපත් VCE VET ගොඩනැගිලි හා ඉදිකිරීම්, ජලනල තාක්ෂණය හෝ සිවිල් යටිතල පහසුකම් වැඩසටහන්වලට ඇතුළත් වේ.

ඩිජිටල් මාධ්‍ය හා තාක්ෂණ

මෙම සහතිකපත් VCE VET ඒකාබද්ධ තාක්ෂණ හෝ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය වැඩසටහන්වලට ඇතුළත් වේ.

සත්කාරක සේවා

මෙම සහතිකපත් VCE VET සත්කාරක සේවා වැඩසටහනට ඇතුළත් වේ.

පිරිසිදු බලශක්ති සහ ඉංජිනේරු විද්‍යා

මෙම සහතිකපත් VCE VET ඉංජිනේරු විද්‍යා, විදුලි කාර්මික තාක්ෂණ හෝ රසායනාගාර කුසලතා වැඩසටහන්වලට ඇතුළත් වේ.

මෝටර්කාර්මික තාක්ෂණය

මෙම සහතිකපත් VCE VET මෝටර්කාර්මික තාක්ෂණ වැඩසටහනට ඇතුළත් වේ.

කෘෂිකර්මය හා පරිසරය

මෙම සහතිකපත් VCE VET කෘෂිකර්මය, උද්‍යාන විද්‍යාව, සංරක්ෂණ හා පරිසර පද්ධති කළමනාකරණය හෝ සතුන්ට රැකවරණය සැපයීම වැඩසටහන්වලට ඇතුළත් වේ.

කොණ්ඩා සැකසුම් හා රූපලාවන්‍ය

මෙම සහතිකපත් VCE VET කොණ්ඩා සැකසුම් හා රූපලාවන්‍ය වැඩසටහනට ඇතුළත් වේ.

නිර්මාණාත්මක කර්මාන්ත

මෙම සහතිකපත් VCE VET නිර්මාණාත්මක හා ඩිජිටල් මාධ්‍ය, ව්‍යවහාරික විලාසිතා සැලසුම් හා තාක්ෂණය, නර්තනය හෝ සංගීතය වැඩසටහන්වලට ඇතුළත් වේ.

ක්‍රීඩා හා විනෝදාස්වාදය

මෙම සහතිකපත් VCE VET ක්‍රීඩා සහ විනෝදාස්වාද වැඩසටහනට ඇතුළත් වේ.

ව්‍යාපාර

මෙම සහතිකපත් VCE VET ව්‍යාපාර හෝ කුඩා ව්‍යාපාර වැඩසටහන්වලට ඇතුළත් වේ.

වැඩිදුර විස්තර

මෙම විකල්ප අතරින්ඔ බට වඩාත් උචිත වන්නේ කුමක්දැයි සොයා බැලීමට පාසලේ වෘත්තීය උපදේශකවරයා අමතන්න.

VET පිළිබඳ වැඩි විස්තර සඳහා, VCAA වෙබ් අඩවියට පිවිසෙන්න.

VET හට ඔබව රැගෙන යා හැකි තැන ගැන වැඩිදුර දන ගැනීමට සහ එය සම්පුර්ණ කළ අනෙකුත් සිසුන්ගෙන් අසා දැන ගැනීමට, VET Champions වෙත පිවිසෙන්න.

Education & training

Updated 27 March 2026



About the VIC Government

Grants and programs

Jobs and careers

Arts, culture and heritage

Business and the workplace

Communities

Education and training

Environment, water and energy

Finance and economy

Health and social support

Housing and property

Law and justice

Safety and emergencies

Science and technology

Sport and recreation

Traffic and transport

Working in the Victorian Government