Mini vic.gov.au

This is a low bandwidth version of vic.gov.au. Contents may not be up to date. © Copyright State Government of Victoria

වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය ගැන (About the Victorian Pathways Certificate) - සිංහල (Sinhalese)

VPC හා එමගින් ඔබ ගෙන යා හැකි තැන් ගැන වැඩිදුර දැන ගන්න.

On this page

https://player.vimeo.com/video/943449331?autoplay=0

Victorian Pathways Certificate (VPC) යනු ඔබේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා වන ඇතුළත්කරණය සහිත, නම්‍යශීලී විකල්පයකි.

එය විවිධ හේතු නිසා VCE හෝ VCE VM සම්පූර්ණ කිරීමට නොහැකි හෝ එයට සූදානම් නැති සිසුන් වෙනුවෙන් සකස් කර ඇත.

සාමාන්‍යයෙන් 11 හා 12 වසරවලදී VPC සම්පූර්ණ කරන නමුත්, එය කලින් ආරම්භ කිරීමට හෝ අවුරුදු 2කට වඩා වැඩි කාලයක් ගත කර අවසන් කළ හැකිය. ඔබේ පාසල සමග එක්ව VPC ආරම්භ කිරීමට සහ අවසන් කිරීමට ඔබට උචිත ම කාලය තීරණය කිරීම කළ හැකිය.

පාඨමාලා කටයුතු VCE සහ VCE VM වලට වඩා පහසුවෙන් ප්‍රවේශ විය හැකි මට්ටමකින් ලබා දෙයි. ඔබේ ගුරුවරුන් විසින් පන්ති කාමර ක්‍රියාකාරකම් හරහා ඔබේ ප්‍රගතිය ඇගයීමට ලක් කරනු ඇත.

VPC යනු සියලුම සිසුන් සඳහා උචිත වන විකල්පයක් නොවන අතර, එය ශිෂ්‍යයා, දෙමාපියන් සහ පාසල සමග සහයෝගීව විශේෂිත ශිෂ්‍යයෙකුගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔබේ පාසල විසින් නිර්දේශ කරනු ලැබේ.

මෙම පිටුව WhatsApp ඔස්සේ බෙදා ගන්න

VPC ඔබව රැගෙන යා හැකි තැන

VPC මගින් ඔබව පහත දැක්වෙන දේ සඳහා සූදානම් කරනු ඇත:

ඔබට ඇති VCE විෂය විකල්පයන්

ඔබ ඒකක 12ක් හෝ වැඩි ගණනක් සම්පූර්ණ කළ යුතු අතර එයට පහත විෂයන් වත් ඇතුළත් විය යුතුය:

ඉතිරි ඒකක හතර වෙනත් VPC ඒකකවලින් හෝ VET සහතිකය I හෝ ඉහත විෂයයකින් විය හැකිය.

ඔබට රැකියා ස්ථානයෙන් ඉගෙනීම ද කළ හැකිය. ඔබට ඔබට VCE හෝ VCE VM ඒකක සමඟ, හෝ VET I මට්ටමේ හෝ ඉහළ මට්ටමක සහතික සමඟ VPC ඒකාබද්ධ කළ හැකිය.

High school student using digital keyboard and DJ equipment.

වෘත්තීමය අධ්‍යාපනය සහ පුහුණුව 11 හා 12 වසරවලට ගැළපෙන ආකාරය (How VET fits into Year 11 and 12) - සිංහල (Sinhalese)

VET වික්ටෝරියාවේ අනෙක් 11 හා 12 වසර ‌‌අධ්‍යයනයන් සමග ගැළපෙන ආකාරය ගැන වැඩිදුර දැන ගන්න.

ඔබට ලැබෙන්නේ මොනවාද

ඔබ VPC අධ්‍යාපනය අවසන් කළ විට, ඔබට පහත දැක්වෙන දේ ලැබෙනු ඇත:

සම්පූර්ණ සුදුසුකම් සම්පූර්ණ නොකරන සිසුන් සඳහා, ශිෂ්‍ය ජයග්‍රහණසාධන පැතිකඩ සාරාංශයක් පවතිනු ඇත.

සම්පූර්ණ කිරීමේ ප්‍රකාශය ඔබේ TAFE ආයතනය හෝ වෙනත් VETපුහුණු ආයතනයක් විසින් ලබා දෙනු ඇත. මෙම ප්‍රකාශය මගින් ඔස්ට්‍රේලියානු සුදුසුකම් රාමුව (AQF) තුළ පිළිගත් පාඨමාලා සඳහා සමත් වූ සියලුම ඒකක ලැයිස්තුගත කරයි.

A teenage boy is buzz cutting a man’s hair while his teacher assists him. All three of them wear black shirts.

බ්‍රැන්ඩන්ගේ VPC පිවිසුම් මාවත (Brandon’s VPC pathway) - සිංහල (Sinhalese)

Victorian Pathways Certificate (වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය) සඳහා අධ්‍යයනය හදාරන ලද සිසුවෙකු පිළිබඳ උදාහරණයක්.

වැඩිදුර විස්තර

VPC ඔබට උචිත දැයි දැන ගැනීමට ඔබේ පාසලේ වෘත්තීය උපදේශකවරයා සමග කතා කරන්න.

වෙනත් පිවිසුම් මාවත්

teenager learning to bee keep

වික්ටෝරියානු අධ්‍යාපන සහතික පත්‍රය ගැන (About the Victorian Certificate of Education) - සිංහල (Sinhalese)

Victorian Certificate of Education (VCE) (වික්ටෝරියානු අධ්‍යාපන සහතික පත්‍රය) සහ එමගින් ඔබ ගෙන යා හැකි තැන් ගැන වැඩිදුර දැන ගන්න.

High school student helping to an elderly person walk with their walker

VCE Vocational Major (VCE වෘත්තීමය ප්‍රධාන ධාරාව) ගැන (About the VCE Vocational Major) - සිංහල (Sinhalese)

VCE තුළම අඩංගු වසර දෙකක නව වැඩසහටනක් වන Vocational Major (වෘත්තීමය ප්‍රධාන ධාරාව) VCE හි දැන් ඇතුළත් වේ.

Education & training

Updated 27 March 2026



About the VIC Government

Grants and programs

Jobs and careers

Arts, culture and heritage

Business and the workplace

Communities

Education and training

Environment, water and energy

Finance and economy

Health and social support

Housing and property

Law and justice

Safety and emergencies

Science and technology

Sport and recreation

Traffic and transport

Working in the Victorian Government