Mini vic.gov.au

This is a low bandwidth version of vic.gov.au. Contents may not be up to date. © Copyright State Government of Victoria

VCE VM මූලික විෂයන් (VCE VM Core Subjects) - සිංහල (Sinhalese)

VCE Vocational Major හි මූලික විෂයයන් 4ක් තිබේ. 2025 සිට, පාසල්වලට VCE වෘත්තීය ප්‍රධාන සිසුන්ට පමණක් නොව සාමාන්‍ය VCE සිසුන්ට ද VM රැකියා ආශ්‍රිත කුසලතා සහ VM පුද්ගලික සංවර්ධන කුසලතා පිරිනැමීමට හැකි වනු ඇත.

සාක්ෂරතාවය සහ ගණිත හැකියාව ලබා ගත හැක්කේ ඔබ සම්පූර්ණ VCE Vocational Major වැඩසටහන කිරීමට තෝරා ගන්නේ නම් පමණි.

මෙම පිටුව WhatsApp ඔස්සේ බෙදා ගන්න.

රැකියා ආශ්‍රිත නිපුණතා

ශීඝ්‍රයෙන් වෙනස් වන රැකියා හා අධ්‍යයන ලෝකයේ සාර්ථක වීමට මෙම විෂය ඔබට උපකාර කරයි. ඔබ විවිධ වෘත්තීය විකල්පයන් ගවේෂණය කර, වෘත්තීය ක්‍රියාකාරී සැලැස්මක් සංවර්ධනය කරමින් රැකියා සෙවීමේ කුසලතා ගොඩනගා ගනු ඇත.

ඔබ සෞඛ්‍ය සම්පන්න සහ ආරක්ෂිත සේවා ස්ථාන, රැකියා ස්ථානයේ ඔබේ අයිතිවාසිකම්, සහ ඔබ සමග වැඩ කරන පුද්ගලයින්ට සහාය දෙන ආකාරය ගැන ඉගෙන ගනු ඇත. ඔබ සන්නිවේදනය සහ කණ්ඩායම් වැඩ කිරීමේ කුසලතා ගොඩනගා ගෙන වැදගත් සේවා ස්ථාන සබඳතා පවත්වාගෙන යන්නේ කෙසේදැයි ඉගෙන ගනු ඇත.

ඔබ ඔබේ පුද්ගලික ශක්තීන් හඳුනාගෙන ඒවා අයදුම්පත් සහ සම්මුඛ පරීක්ෂණ වලදී ප්‍රවර්ධනය කරන්නේ කෙසේදැයි ඉගෙන ගනු ඇත. වැඩිදුර අධ්‍යාපනය සහ රැකියා අයදුම්පත් සඳහා ඔබ විසින් වෘත්තීය කළඹක් නිර්මාණය කරනු ඇත.

පෞද්ගලික සංවර්ධන කුසලතා

මෙම විෂය ඔස්සේ, ඔබේ ප්‍රජාව තුළ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන්නේ කෙසේදැයි ඉගෙන ගනු ඇත එමගින් ඔබේ අනන්‍යතාවය සහ ලෝකය තුළ ඔබේ ස්ථානය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහ හැඟීමක් ද ඔබ නිර්මාණය කරනු ඇත.

ප්‍රජාවන් ප්‍රාදේශීයව, ජාතිකව සහ ගෝලීය පරිමාණයෙන් එකට වැඩ කරන ආකාරය ඔබ සොයා බලනු ඇත. වෙනත් සිසුන් සමග කණ්ඩායමක් තුළ, ඔබේම ප්‍රජාවට උපකාර කිරීමට ව්‍යාපෘතියක් සැලසුම් කිරීම මගින් ඔබ මෙය අදාළ කරවනු ඇත.

මෙම විෂය මගින් ඔබට ඔබේ චිත්තවේගීය බුද්ධිය, සමාජ දැනුවත්භාවය සහ නායකත්ව ගුණාංග ගැන ඉගෙන ගැනීමට සහ ගොඩනැගීමට උපකාර කරයි. මෙම සම්බන්ධතා කුසලතා ඔබට රැකියා ස්ථානයේ, විශ්වවිද්‍යාලය හෝ TAFE වැනි ආයතනයනවල වැඩිදුර ඉගෙනීමේ දී සහ ඔබේ පෞද්ගලික ජීවිතය තුළ සාර්ථක වීමට උපකාරී වේ.

සාක්ෂරතාව

මෙම විෂයය ඔස්සේ, ඔබ ඔබේ කියවීමේ, ලිවීමේ, කථා කිරීමේ සහ සවන්දීමේ කුසලතාවයන් පුළුල් ලෙස විවිධ අවස්ථාවලට අනුව වැඩිදියුණු කර ගන්න අතර එවිට ඔබට ඵලදායී ලෙස තොරතුරු රැස් කිරීමට සහ බෙදා ගැනීමට හැකි වනු ඇත.

ඔබ මුද්‍රිත, දෘශ්‍ය, කථන, ඩිජිටල් සහ බහුමාධ්‍ය තොරතුරු විශ්ලේෂණය කර අර්ථ නිරූපණය කරනු ඇති අතර එමගින් ඵලදායී සන්නිවේදනයන් අවබෝධ කර ගැනීමට හා නිර්මාණය කිරීමට ඔබේ ඇති හැකියාව වැඩි දියුණු කරයි.

මෙම විෂය ඔබගේ ලිඛිත හා කථන සන්නිවේදන කුසලතා පිළිබඳ විශ්වාසය වැඩිදියුණු කිරීමට ඔබට උපකාරී වනු ඇත. මෙමගින් රැකියාව ඇතුළුව විවිධ සැකසුම් තුළ සාර්ථක වීමට ඔබව සූදානම් කරයි.

ගණිත හැකියාව

මෙම විෂයය ඔස්සේ, ඔබ තාර්කික චින්තනය සහ තර්කනය හා එදිනෙදා ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කරනු ඇත. ඔබ අංක, මිනුම්, හැඩතල සහ දත්ත ආවරණය කරමින් ගණිත න්‍යායන් ගවේෂණය කරනු ඇත.

ඔබ ඔබේ ගණිත හැකියාව පිලිබඳ කුසලතා ශක්තිමත් කරමින් සැබෑ ලෝකයේ අවස්ථා සඳහා මෙය යොදවනු ඇත. දෛනික කාර්යයන්, වැඩ සහ ප්‍රජාව තුළ මෙම දැනුම යෙදීමට ඔබ ඉගෙන ගනු ඇත.

පුද්ගලික අයවැයකරණය, මිලදී ගැනීමේ විකල්ප සංසන්දනය කිරීම, බදු අවශ්‍යතා සපුරාලීම සහ සැලසුම් කිරීම වැනි ජීවිතයේ බොහෝ වැදගත් කොටස් සඳහා ගණිත හැකියාව ඔබව සූදානම් කරනු ඇත.

Vocational education training (VET) (වෘත්තීමය අධ්‍යාපනය සහ පුහුණුව)

සෑම VCE Vocational Major ශිෂ්‍යයෙක්ම ඔවුන්ගේ වැඩසටහනට VET ද ඇතුළත් කර ගනියි. මෙය ඔබ උනන්දුවක් දක්වන කර්මාන්තයක් සඳහා ප්‍රායෝගික කුසලතා සහ ඔබේ වෘත්තීය මාවතේ කඩිනම් ආරම්භයක් ලබා දෙයි.

High school student using digital keyboard and DJ equipment.

වෘත්තීමය අධ්‍යාපනය සහ පුහුණුව 11 හා 12 වසරවලට ගැළපෙන ආකාරය (How VET fits into Year 11 and 12) - සිංහල (Sinhalese)

VET වික්ටෝරියාවේ අනෙක් 11 හා 12 වසර ‌‌අධ්‍යයනයන් සමග ගැළපෙන ආකාරය ගැන වැඩිදුර දැන ගන්න.

High school student helping to an elderly person walk with their walker

VCE Vocational Major (VCE වෘත්තීමය ප්‍රධාන ධාරාව) ගැන (About the VCE Vocational Major) - සිංහල (Sinhalese)

VCE තුළම අඩංගු වසර දෙකක නව වැඩසහටනක් වන Vocational Major (වෘත්තීමය ප්‍රධාන ධාරාව) VCE හි දැන් ඇතුළත් වේ.

Education & training

Updated 27 March 2026



About the VIC Government

Grants and programs

Jobs and careers

Arts, culture and heritage

Business and the workplace

Communities

Education and training

Environment, water and energy

Finance and economy

Health and social support

Housing and property

Law and justice

Safety and emergencies

Science and technology

Sport and recreation

Traffic and transport

Working in the Victorian Government