ළදරු පාසල් කට්ටලය (Kinder Kits) - සිංහල (Sinhalese)
2025 වන විට, අරමුදල් සපයන ලද අවුරුදු තුනක ළදරු පාසල් වැඩසටහනකට ඇතුළත් වන සෑම දරුවකු ම කින්ඩර් කිට් (Kinder Kit) එකක් ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
පවුල් සඳහා මගපෙන්වීම

ඔබේ Kinder Kit ගැන
ඔබේ දරුවා සෙල්ලම් කිරීමට සම්බන්ධ කර ගැනීම ඔවුන්ගේ ඉගෙනීමට සහ සංවර්ධනයට සහාය වීම සඳහා විශිෂ්ඨ මාර්ගයකි. දෙමාපියන්, රැකබලා ගන්නන් සහ පවුල් එම ගමනේ වැදගත්ම කොටස වේ.
Kinder Kits පොත්පත්, අධ්‍යාපනික සෙල්ලම් බඩු සහ ඔබේ දරුවාට සහ පවුලේ අයට නිවසේදී විනෝද වීම සඳහා සාදන ලද ක්‍රියාකාරකම්වලින් පිරී ඇත.
එක් එක් Kinder Kit හි විශේෂයෙන් අවුරුදු තුනක් වයසැති දරුවන් සඳහා සාදන ලද අයිතම ඇතුළත් වේ.

Victorian Early Years Learning and Development Framework (වික්ටෝරියානු මුල් වසරවල ඉගෙනුම් සහ සංවර්ධන රාමුව)
මුල් ළමාවිය සම්බන්ධ ගුරුවරු සහ අධ්‍යාපනඥයෝ ඔබේ දරුවාට වර්ධනය හා ඉගෙනීම සඳහා උපකාර කරති.
දරුවන්ගේ ඉගෙනීමට සහ සංවර්ධනයට මග පෙන්වීම සඳහා ළදරු පාසල් වැඩසටහන් වික්ටෝරියානු මුල් වසරවල ඉගෙනුම් සහ සංවර්ධන රාමුව (Victorian Early Years Learning and Development Framework) (VEYLDF) භාවිතා කරයි.
ඔබේ Kinder Kit හි ඇති සෑම දෙයක්ම VEYLDF හි ප්‍රතිඵල එකක් හෝ කිහිපයක් සමග සම්බන්ධ වේ.
- අනන්‍යතාවය
- ඉගෙනීම
- ප්‍රජාව
- සන්නිවේදනය
- යහ පැවැත්ම
පිටේ එල්ලන බෑගය
Kinder Kit පිටේ එල්ලන බෑගය අයිතම රැගෙන යාම සහ සෙල්ලම් කිරීම සඳහා සෑම දිනකම භාවිතා කළ හැකිය.
ඔබේ දරුවාට තමාගේ පිටේ එල්ලන බෑගය කුමක්දැයි දන ගැනීමට හැකිවන පරිදි, බෑගය පිටුපස ඇති කාඩ්බෝඩ් ටැගය මත පින්තූරයක් ඇඳිය හැකිය.
ෆෙල්ට් පෘෂ්ඨය මනඃකල්පිත සෙල්ලම් සඳහා භාවිතා කිරීමට පිටේ එල්ලන බෑගයේ සිපය දිගහැර Velcro පටිතීරු අලවන්න.

- බෑගය ඔබේ දරුවාගේ පිටකොන්ද මත සිටින පරිදි පිටේ එල්ලන බෑගයේ පටි තද කිරීම හෝ ලිහිල් කිරීම සිදු කරන්න.
- ෆෙල්ට් ස්ටිකර් සමග කතාවක් නිර්මාණය කරන්න
- නාම ටැගය මත චිත්‍ර ඇඳීමට දිරිමත් කරන්න.
- පෙර ලිවීමේ කුසලතා පුහුණු කරන්න.
කියවීම
කියවීම පවුලක් ලෙස එකට කාලය ගත කිරීම සඳහා විශිෂ්ට ආකාරයක් වේ. එය සාක්ෂරතා සංවර්ධනයට සහාය වීම සඳහා වැදගත්ම මාර්ගයකි.
ඔබේ දරුවා සමග නිතිපතා කතන්දර කීම සඳහා කාලයක් බෙදා හදා ගැනීම ඔවුන්ගේ පරිකල්පනය සහ වචන මාලාව වර්ධනය කිරීමට උපකාරී වේ.

- එක්ව පොතක් තෝරගන්න.
- වාඩි වී කියවීමට සුවපහසු ස්ථානයක් සොයා ගන්න.
- කතාන්දරයේ ඊළඟට සිදුවිය හැක්කේ කුමක් දැයි ඔබේ දරුවාගෙන් විමසන්න.
- චරිතයන් සමග ගැලපෙන පරිදි විවිධ හඬින් කියවන්න.
චිත්‍ර ඇඳීම සහ සලකුණු කිරීම
චිත්‍ර ඇඳීම සහ සලකුණු කිරීම මගින් දරුවන්ට නිර්මාණශීලී ලෙස අදහස් ප්‍රකාශ කිරීමට සහ විශ්වාසය ගොඩනගා ගැනීමට ඉඩ සලසයි. කඩදාසි මත පාටකූරු අත්හදා බැලීමෙන්, දරුවෝ:
- ලිවිය යුතු ආකාරය ඉගෙන ගැනීම සඳහා වැදගත් වන සියුම් චාලක කුසලතා වර්ධනය කර ගනිති
- ඔවුන්ගේ ඇස්-අත් සම්බන්ධීකරනය වැඩිදියුණු කර ගනිති
- වර්ණ, හැඩතල, රටා සහ රේඛා ගැන ඉගෙන ගනිති
- නිර්මාණශීලීත්වය ප්‍රකාශ කරති
- අන් අය සමඟ සන්නිවේදනය කරති.

- චිත්‍ර ඇඳීමේ ක්‍රියාවලියෙන් විනෝද වීමට ඔබේ දරුවා දිරිමත් කරන්න.
- ඔබේ දරුවාට තමාගේ චිත්‍රය ගැන කතා කිරීමට ඉඩ සැලසීම සඳහා විවෘත ප්‍රශ්න අසන්න.
- ඔබ දකින වර්ණ සහ හැඩතල නම් කරන්න.
නිර්මානශීලී ක්‍රියාකාරකම්
නිර්මාණාත්මක සෙල්ලම් කිරීම මගින් ඔබේ දරුවාගේ ඉන්ද්‍රියයන් 5ම - පෙනීම, ගඳ / සුවඳ, ශ්‍රවණය, ස්පර්ශය සහ රසය - උත්තේජනය කරයි. එය ඔබට අවට ලෝකය ගැන ගවේෂණය කිරීමට, සොයා ගැනීම සහ ඉගෙන ගැනීම සඳහා වන විනෝදජනක ක්‍රමයක් වේ.

- නැවත ආරම්භ කිරීම වරදක් නොවන බව ඔබේ දරුවාට පෙන්නුම් කිරීම මගින් පහසුවෙන් ප්‍රකෘති තත්වයට පත්වීමේ හැකියාව දිරිමත් කරන්න. බ්ලොක්ස් (blocks) වැටුණොත්, ගැඹුරු හුස්මක් ගෙන එකට එකතු වී එය නැවත ගොඩනගන්න.
- ප්ලේඩෝ රෝල් කර බෝලයක් සැදීමට උත්සහ කරන්න, හැඩතල සාදන්න, එය සමතලා කරන්න, එය මිරිකන්න.
- එකට එකතුව සංගීතය කරන්න. ඔබේ අත්වලින් අත්පුඩි ගැසීම හෝ ඔබ නිවසේ ඇති අයිතමවලට තට්ටු කිරීම මගින් විවිධ රිද්ම සහ ස්පන්දනයන් නිර්මාණය කරන්න.
එළිමහනේ සෙල්ලම් කිරීම
අධීක්ෂණය යටතේ එළිමහන් සෙල්ලම් කිරීම ඔබේ දරුවාගේ වර්ධනයේ, සංවර්ධනයේ සහ යහපැවැත්මේ විශාල කොටසකි.
දරුවන්ට පහත දැක්වෙන දේ කළ හැකිය:
- සොබාදහම නිරීක්ෂණය කිරීම මගින් විද්‍යාව පිළිබඳ ඔවුන්ගේ අවබෝධය වර්ධනය කරන්න
- ස්වාධීනත්වය පිළිබඳ හැඟීමක් ලබා ගන්න
- අනෙක් දරුවන් සමඟ සමාජීයව කටයුතු කිරීම
- ක්‍රීඩා කරන විට, ගවේෂණය කර හොඳ තෝරා ගැනීම් සිදු කිරීමට ඉගෙන ගන්න
- සම්පූර්ණ ශරීර චලනය, අත්-ඇස් සම්බන්ධීකරණය සහ සියුම් චාලක හා නිර්මාණශීලී කුසලතා වර්ධනය කිරීම.

- ශාක කොළ ගැන කතා කර විවිධ වර්ණ සහ හැඩයන් නම් කරන්න.
- එකට එක්ව බීජ සිටුවන්න.
- සොබා දහම සමග සම්බන්ධ වන්න අපගේ පරිසරය ආරක්ෂා කරගැනීම පිළිබඳව කතා කරන්න.
- වැලි මාලිගා සාදන්න.
නාට්‍යරූපී ක්‍රීඩාව
නාට්‍යරූපී ක්‍රීඩාව මගින් පරිකල්පිත කථා රඟ දැක්වීමට සහ අනෙකුත් චරිතවල භූමිකාවන් ගෙනහැර දැක්වීමට දරුවන්ව දිරිමත් කරයි.
දරුවන් වැදගත් භාෂා සහ සමාජ කුසලතා ප්‍රගුණ කිරීම සඳහා නාට්‍යරූපී ක්‍රීඩාව භාවිතා කරන අතර එයට පහත දැක්වෙන දේ ඇතුළත් වේ:
- නව ලෝකයන් ගවේෂණය කිරීම හා නිර්මාණය කිරීම
- බෙදා හදා ගැනීම හා යමක් අනුපිළිවෙලින් කිරීම
- එකිනෙකා සමග අන්තර් ක්‍රියාකාරිත්වයේ යෙදීමේ හා කතාබහ කිරීමේ ක්‍රමවේදයන්.

- ඉංග්‍රීසියෙන් හා වෙනත් භාෂාවලින් සතුන් නම් කරන්න.
- චරිත නිර්මාණය කරන්න.
- කතාන්දර නිර්මාණය කරන්න.
- හැඟීම් සහ විවිධ චිත්තවේගයන් ගවේෂණය කිරීමට සහ ප්‍රකාශ කිරීමට සතුන් භාවිතා කරන්න.
ක්‍රීඩා
පවුලේ අය සහ මිතුරන් සමග ක්‍රීඩා කිරීම ඔබේ දරුවාගේ සමාජ කුසලතා ගොඩනැගීම සඳහා හොඳ ක්‍රමයකි.
ක්‍රීඩාවන් මගින් දරුවන්ට ගණිත හැකියාව, භාෂාව සහ ගැටළු විසඳීමේ කුසලතා ඉගෙන ගැනීමට උපකාර කළ හැකිය.

- ක්‍රීඩා නීති ඉගෙනගෙන යමක් අනුපිළිවෙලින් කිරීම පුහුණු කරන්න.
- ගැටළු විසඳීමේ සහ මතක තබා ගැනීමේ කුසලතා ශක්තිමත් කර ගන්න.
- ඉලක්කම් ගැන සාකච්ඡා කර වස්තූන් භාවිතයෙන් ගණන් කිරීම පුහුණු කරන්න.
ප්‍රජාව ගොඩනැගීම
දරුවෝ සෙල්ලම් කිරීම ඔස්සේ තමන් හා අවට ලෝකය ගැන ඉගෙන ගනිති. දරුවන් සෙල්ලම් කිරීම හා ඉගෙනීම එකට සිදුකරයි. ඔබේ Kinder Kit හි ඇති අයිතම විවිධත්වය සහ විවිධ සංස්කෘතීන් පිළිබඳ සංවාද කිරීමට ඔබට උපකාරී වේ.

- වෙනත් රටවල් සහ එම රටවල දේශීය සතුන් ගැන ඔබේ දරුවා සමග කතා කරන්න.
- විවිධ භාෂා ආරම්භ වන්නේ කොතැනින්දැයි සොයා බැලීමට ලෝක සිතියමක් දෙස බලන්න.
අනන්‍යතාවයට ගරු කිරීම
සියලුම සංස්කෘතීන් ගැන ඉගෙන ගැනීමට දරුවන් දිරිමත් කිරීම මගින් අවබෝධය, පිළිගැනීම සහ අභිමානය ගොඩනැගෙයි. ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ සංස්කෘතීන්, සහ මෙහි වික්ටෝරියාවේ කූරි (Koorie) සංස්කෘතීන් දැනට ජීවමානව හා ශක්තිමත්ව වැඩෙමින් පවතී. ඔවුන් Kinder Kits හි කතුවරුන් හා කලාකරුවන් ලෙස සැමරීමට අපි ආඩම්බර වෙමු.
කූරි සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් ගැන ඔබේ දරුවාට වැඩිදුර ඉගෙන ගැනීමට උපකාර වන ක්‍රියාකාරකම් කිහිපයක් පගත දැක් වේ:

- වස්තූන් හෝ සතුන් සඳහා කූරි සංකේත ඉගෙන ගන්න.
- කූරි සංස්කෘතිය, නායකයන් සහ වීරයන් ගැන ඉගෙනගෙන ඒ පිළිබඳ කතා කරන්න.
- භූමිය පිලිගැනීමේ වැදගත්කම සොයා ගන්න.
Auslan (ඔස්ලෑන් - බිහිරි ප්‍රජාව සඳහා භාවිතා කරන ඔස්ට්‍රේලියානු සංඥා භාෂාව) පොත්
Auslan යනු වික්ටෝරියාවේ Early Childhood Language Program (මුල් ළමාවිය භාෂා වැඩසටහන) හි භාවිතා කරන සංඥා භාෂාවයි. මෙම වැඩසටහන සමහර ළදරු පාසල්වලින් ලබාගත හැකිය.
බාල වයසකදී වෙනත් භාෂාවක් ඉගෙන ගැනීමෙන් දරුවන්ට පහත දැක්වෙන ඒවා ඇතුළුව බොහෝ ප්‍රතිලාභ ලැබේ:
- පෙර කියවීමේ සහ පෙර ලිවීමේ කුසලතා වැඩිවීම
- නම්‍යශීලී චින්තනය වැඩිදියුණු කිරීම
- වැඩිදියුණු කරන ලද ආත්ම අභිමානය සහ යහපැවැත්ම
- සංස්කෘතික අනන්‍යතාවය ශක්තිමත් වීම.
Kinder Kits හි අඩංගු පොත්වලින් බොහොමයක් සඳහා Auslan පරිපර්තන ලබාගත හැකිය.

- Auslan හරහා හැගීම් ප්‍රකාශ කරන්න.
- Auslan භාවිතයෙන් ආයුබෝවන් කියන්න.
ළමා ආරක්ෂාව, යහපැවැත්ම සහ අමතර සහාය
දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්මට වඩා වැදගත් වන වෙනත් කිසිවක් නැත. ඔබේ සේවාව දරුවන්ව ආරක්ෂිතව තබා ගන්නේ කෙසේදැයි ඔවුන්ගෙන් විමසන්න.
සියලුම දරුවෝ වෙනස් ආකාරවලින් සහ ඔවුන්ගේ ම වේගයකින් ඉගෙන ගනිති. ඔබට කිසියම් ගැටලුවක් ඇත්නම්, ඔබේ දරුවාගේ මුල් ළමාවිය ගුරුවරයා සමග කතා කරන්න. ඔබට හෝ ඔබේ දරුවට අමතර සහාය අවශ්‍ය නම්, පහත මාර්ගයන් ඔස්සේ උපකාර ලබාගත හැකිය:

- ඔබේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට ඔබේ වෛද්‍යවරයා හෝ මාතෘ හා ළමා සෞඛ්‍ය හෙදිය හමුවීමට වේලාවක් වෙන් කර ගන්න.
- උපතේ සිට වයස අවුරුදු 6 දක්වා දරුවන් සිටින වික්ටෝරියානු පවුල්වලට දවසේ පැය 24 තුළ, සතියේ දින 7 පුරාම, මාතෘ හා ළමා සෞඛ්‍ය දුරකථන සේවයට 13 22 29 ඔස්සේ ඇමතිය හැකිය.
මුල් ළමාවිය අධ්‍යාපනයේ වෘත්තීන්
වික්ටෝරියාවේ වර්ධනය වන පෙර පාසල් අංශයේ වෘත්තියක් ආරම්භ කිරීම සලකා බලන්න. මුල් ළමාවිය ගුරුවරයෙකු හෝ අධ්‍යාපනඥයෙකු වීමට ඔබට සහාය වීමට, පහත දේ ලබාගත හැකිය:
- නම්‍යශීලී අධ්‍යයන විකල්ප
- ත්‍යාගශීලී ශිෂ්‍යත්ව
- මුල්‍ය දිරිගැන්වීම්.

ඔබේ Kinder Kit පරිත්‍යාග කිරීම
ඔබේ දරුවා ඔවුන්ගේ Kinder Kit අයිතම අවසන් කළ පසු, කරුණාකර ඒවා වගකීමෙන් යුතුව බැහැර කරන්න.
අයිතම හොඳ තත්ත්වයේ තිබේ නම්, ඒවා පුණ්‍යායතනයකට පරිත්‍යාග කිරීම ගැන සලකා බලන්න. ‘මට මෙය මිතුරෙකුට දිය හැකිද?’ යන්න ඔබගෙන් ම අසන්න පිළිතුර ඔව් නම්, පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට සුදුසුය.
ඔබගේ භාණ්ඩ පරිත්‍යාග කිරීමට සුදුසු නොවේ නම්, හැකි සෑම අවස්ථාවකදී ම ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන්න.
අපද්‍රව්‍ය නිසි ලෙස අඩු කිරීම සහ බැහැර කිරීම මගින් පිරිසිදු, හරිත වික්ටෝරියාවක් ගොඩනැගීමට උපකාරී වේ.

Updated 18 February 2026
About the VIC Government
- The Premier and ministers
- Find a Vic Gov department, agency or service
- Strategies and policies
- Inquiries and royal commissions
Grants and programs
Jobs and careers
Arts, culture and heritage
Business and the workplace
- Mentally Healthy Workplaces Framework
- Portable Long Service Authority
- Victoria’s racing industry
- Workforce Inspectorate Victoria
- Liquor licensing, sale and supply
Communities
- Children
- First Peoples - State Relations
- Finding records
- Gender equality & women’s leadership
- LGBTIQA+ equality
- Multicultural communities
- Seniors Online
- Veterans support and commemoration
- Volunteering in Victoria
- Youth Central
Education and training
- Victorian Early Childhood Regulatory Authority
- Early childhood education – information for professionals
- Kinder: Best Start, Best Life
- Education – information for parents
- Schools.Vic - information for schools
- Education grants, programs, awards and events
- PROTECT
- TAFE, training and universities sector
- TAFE Victoria
- Victorian Skills Authority
- Apprenticeships Victoria
- Learn Local
Environment, water and energy
Finance and economy
Health and social support
- Family violence reform
- NDIS Worker Screening Check
- NDIS and disability services and support in Victoria
- Patient Review Panel
- Transforming Trauma Victoria
Housing and property
Law and justice
- Adoption
- Births, deaths and marriages
- Honorary justices
- Machete ban
- Safeguarding Victorians against terrorism
- Stolen Generations Reparations Package
- Victims of Crime
- Victorian Racing Tribunal
Safety and emergencies
- Emergency Recovery Victoria
- Victorian Emergency Relief and Recovery Foundation
- Emergency Recovery Resource Portal
- How well do you know fire
- Fire Services Reform
- Water safety
- Marine Search and Rescue
Science and technology
- Data sharing and open data
- Data.vic - discover and access Vic Gov open data
- Developer.Vic - portal for API developers
- Go.vic URL shortener
- Vic Gov IT project dashboard
- Victoria’s free public wi-fi network
- Cyber security in the Victorian Government
Sport and recreation
Traffic and transport
- Cameras Save Lives
- Transport Fines
- Getting Around
- Transport Planning
- Transport Future
- Climate Change and transport
- Future Directions For Transport
- Transport projects
- Ports and Freight
Working in the Victorian Government
- Single Digital Presence home
- Accommodation and Library Services
- Executive employment in the Victorian public sector
- Budget, procurement and funding
- Careers in the Victorian Government
- Council and Regulator Toolkit
- Guidelines for working in government
- Join a government network
- Standards and guidelines
- VicFleet CarPool
- Victorian Government style guide