Mini vic.gov.au

This is a low bandwidth version of vic.gov.au. Contents may not be up to date. © Copyright State Government of Victoria

ලියාපදිංචි වන්නේ කවදාද හා කෙසේද (How and when to enrol) - සිංහල (Sinhalese)

On this page

ලියාපදිංචි වන ආකාරය

ලියාපදිංචි වන ආකාරය ගැන ඔබේ ප්‍රාදේශිය කවුන්සිලය හෝ ළදරු පාසල් සේවාව අමතන්න. ඔබට 1800 338 663 ඔස්සේ Three-Year-Old Kindergarten (අවුරුදු තුනේ ළදරු පාසල්) විමසුම් අංකයට කතා කිරීම හෝ 3YO.kindergarten@education.vic.gov.au වෙත ඊමේල් පණිවුඩයක් යොමු කිරීම සිදු කළ හැකිය.

ඔබේ භාෂාවෙන් සහාය ලබා ගැනීමට හෝ භාෂණ පරිවර්තකයකු ලබා ගැනීමට, පළමුව 131 450 අංකයෙන් ජාතික පරිවර්තන සහ භාෂණ පරිවර්තන සේවාව (National Translating and Interpreting Service) අමතන්න.

නොමිලේ දෙමාපියන් සහ රැකබලාගන්නන් සඳහා ලබා දෙන දුරකථන භාෂණ පරිවර්තන සේවාව භාවිත කරන ආකාරය පිළිබඳ තොරතුරු ඔබේ ළදරු පාසලෙන් ද ඔබට ඉල්ලා සිටිය හැකි ය.

කලින් ආරම්භ කරන ළදරු පාසල් (ESK)

සරණාගත හා ආරක්ෂාව අයදින පසුබිම්වල දරුවන්ට අතිරේක උපකාර ලබා ගත හැකි අතර Early Start Kindergarten (කලින් ආරම්භ කරන ළදරු පාසල්) ඔස්සේ ළදරු පාසල් කරා ප්‍රමුඛ ප්‍රවේශය ලැබේ. වැඩිදුර විස්තර සඳහා ඔබේ දරුවා ලියාපදිංචි කරන විට ඔබට ප්‍රාදේශීය සේවාවෙන්, Early Start Kindergarten කලින් ආරම්භ කරන ළදරු පාසල් ගැන විමසීම හෝ Early Start Kindergarten වෙත යෑම සිදු කළ හැකිය.

ලියාපදිංචි වන්නේ කෙසේද

වික්ටෝරියාවේ දී දරුවෙකුට අවුරුදු තුන වූ විට ඔබට ඔවුන්ගේ ළදරු පාසල් වැඩසටහන් ආරම්භ කළ හැකිය. ඔබේ දරුවාට අවුරුදු තුනේ සහ හතරේ ළදරු පාසල හෝ පෙර-හෝඩිය ආරම්භ කළ හැක්කේ කුමන වසරේදැයි දැන ගැනීමට ඔබටආරම්භක වයස් ගණනය කිරීමට ඔවුන්ගේ උපන්දිනය ඇතුළත් කළ හැකිය.

ඔබේ දරුවා ජනවාරි 1 සිට අප්‍රේල් 30 දක්වා වන කාල සීමාවේ දී උපත ලබා ඇත්නම්, ඔවුන් අවුරුදු තුනේ ළදරු පාසල් ආරම්භ කරන්නේ කුමන වසරේද යන්න ඔබට තෝරා ගත හැකිය. ඔබේ දරුවාට වයස අවුරුදු 3 පිරෙන අවුරුද්දේ දී ම හෝ වයස අවුරුදු 4 පිරෙන අවුරුද්දේ දී අවුරුදු තුනේ ළදරු පාසල් ආරම්භ කළ හැකිය. ඔබේ දරුවා අවුරුදු 3 සම්පූර්ණ වන වසරේ දී ළදරු පාසලකට ඇතුළත් වුවහොත්, ඔවුන් අවුරුදු 5 සම්පූර්ණ වන වසරේදී පාසල් යාම ආරම්භ කරනු ඇත. ඔබේ දරුවාට වයස අවුරුදු 4 වන වසරේ දී ඔවුන් අවුරුදු තුනේ ළදරු පාසලකට යැවීමට ඔබ තෝරා ගන්නේ නම්, ඔවුන් වයස අවුරුදු 6 සම්පූර්ණ වන වසරේ දී පාසල් යාම ආරම්භ කරනු ඇත.

ළදරු පාසල් වැඩසටහන් සොයා ගන්න**.**

අනුමත ළදරු පාසල් වැඩසටහන් පිරිනමන සේවාවන් සොයා ගැනීමට, find a kinder program වෙබ් අඩවියට පිවිසෙන්න. ළදරු පාසල් වැඩ සටහනක් සොයා ගැනීමට ඔබේ ප්‍රාදේශීය කවුන්සිලයට හා ළදරු පාසල් සේවාවට උපකාර කළ හැකිය.

Kinder Tick තිබේදැයි බලන්න**:**

Kinder Tick මගින් වික්ටෝරියානු පවුල්වලට සිය දරුවන් සඳහා අනුමත කරන ලද ළදරුපාසල් වැඩසටහන් ‌සොයා ගැනීමට උපකාර කරයි.

ඔබේ ප්‍රාදේශීය ළදරුපාසල් සේවාවේ, සේවාවේ හෝ මධ්‍යස්ථානයේ ගොඩනැගිලිවල හා පරිශ්‍රයේ, ඔවුන්ගේ ‌වෙබ් අඩවියේ හා ‌ඔවුන්ගේ තොරතුරු කට්ටලවල Kinder Tick සළකුණ තිබේ සොයා බලන්න.

Updated 26 March 2026



About the VIC Government

Grants and programs

Jobs and careers

Arts, culture and heritage

Business and the workplace

Communities

Education and training

Environment, water and energy

Finance and economy

Health and social support

Housing and property

Law and justice

Safety and emergencies

Science and technology

Sport and recreation

Traffic and transport

Working in the Victorian Government