වික්ටෝරියානු වාර්ගිකත්වයට එරෙහි උපායමාර්ගය 2024-2029 (Victoria’s anti-racism strategy 2024-2029) - සිංහල (Sinhalese)
වික්ටෝරියාවේ පළමු සමස්ථ රාජ්ය වාර්ගිකත්වයට එරෙහි උපායමාර්ගය වික්ටෝරියාව තුල වර්ගවාදය සහ වෙනසකට ලක් කිරීම නැවැත්වීම සඳහාවූ වසර 5 ක සැලැස්මකි.
On this page
Victoria’s anti-racism strategy in Sinhalese PDF 1.2 MB (opens in a new window)
එක්ව කටයුතු කිරීම මගින් සෑමදෙනා ඇතුලත් බව හැඟෙන වඩා සාධාරණ සහ වඩා ආරක්ෂාකාරී වික්ටෝරියාවක් ගොඩ නැගිය හැක.
වර්ගවාදය යනු කුමක්ද?
වර්ගවාදය යනු වෙනසකට ලක් කිරීමේ එක් අංගයක් වන අතර මෙහිදී සිය ජාතිය හෝ වාර්ගිකත්වය පදනම් කරගෙන ඔවුන්ට අසාධාරණ ලෙස සලකනු ලබයි. මෙයට වාචික පරිභව කිරීම, බැහැර කිරීම හෝ අනෙක් අයට ඇති ප්රවේශය තමාට අහිමි කිරීම ඇතුලත් විය හැක.
වර්ගවාදයම විවිධ ආකාර විය හැකිය. මෙම උපායමාර්ගය මගින් පහත ස්ථානවල වර්ගවාදය ඇමතීම සිදු කරයි:
- ප්රජාව තුල
- සංවිධාන සහ ආයතන තුල
- නීතිය, ප්‍රතිපත්ති සහ ක්‍රම තුල.
අපගේ දැක්ම
සියළුම වික්ටෝරියානුවන් සමාන අයිතිවාසිකම්, නිදහස සහ ආරක්ෂාව භුක්ති විඳින, ආරක්ෂාකාරී, සෞඛ්ය සම්පන්න සහ උපකාරී ප්රජා තුල සාර්ථකව ජීවත්වන වර්ගවාදය සහ වෙනසකට ලක්කිරීමෙන් තොර වික්ටෝරියාවක්.
උපාය මාර්ගය තුල වික්ටෝරියාවේ වර්ගවාදය සහ වෙනසකට ලක් කිරීම අඩු කරන අරමුණු 4 ක් ඇත:
- 1 වන අරමුණ: වර්ගවාදී ආකල්ප, හැසිරීම් සහ විශ්වාස හදුනාගෙන, ඒවා අභියෝග කර ප්‍රතික්ෂේප කිරීම.
- 2 වන අරමුණ: රජයේ සේවා සහ රාජකාරී ස්ථාන ආරක්ෂාකාරී, ප්‍රවේශ විය හැකි සහ වෙනසකට ලක් නොකරන ස්ථානවීම.
- 3 වන අරමුණ: සියළුම ක්ෂේත්රවල සහභාගිත්වයට, ප්‍රගතියට ආරක්ෂාවට සහ සාර්ථකත්වයට වර්ගවාදය සහ වෙනසකට ලක් කිරීම තවදුරටත් බාධා නොවීම.
- 4 වන අරමුණ: වර්ගවාදයට භාජනය වන අය හට නිසි සහ සංස්කෘතිමය වශයෙන් ආරක්ෂාකාරී සේවා සහ උපකාර ලැබීම.
අරමුණු මත කටයුතු කිරීම
වර්ගවාදයට එරෙහි උපායමාර්ගය මගින් පහත දේ සිදු කරනු ඇත:
- ප්රජා කී‍්‍රඩාවල සිදුවන වර්ගවාදය ඇමතීම සඳහා ප්‍රාන්තය පුරා ව්‍යාපාරයක් සිදු කිරීම
- ප්‍රාදේශීය මට්ටමේ වර්ගවාදය අභියෝග කිරීමට ප්‍රාජව මගින් නායකත්වය ලබා දෙන කටයුතුවලට උපකාර කිරීම
- වෛරී කථනය සහ හැසිරීමට එරෙහිව ඇති ආරක්ෂාව සහ නීතීන් ශක්තිමත් කිරීම
- සංවිධාන මගින් වර්ගවාදයට අදාල පැමිණිලි වාර්තාවලට ප්‍රතිචාර දක්වන ආකාරය වැඩි දියුණු කිරීම
- පොලිස් කටයුතුවලදී වර්ගවාදය සහ වෙනසකට ලක් කිරීම අඩු කිරීම
- සේවායෝජකයන් සහ සංවිධාන මගින් වර්ගවාදය වළක්වන සහ එයට ප්‍රතිචාර දක්වන ආකාරය වැඩිදියුණු කිරීම
- වර්ගවාදය අත්විඳි අය හට උපකාර කරන ප්‍රාදේශීය උපකාර ජාල සඳහා සහාය ලබාදීම.
වර්ගවාදය අඩුකිරීම සම්බන්ධයෙන් උපාය මාර්ගය මගින් ඇතිකරනු ලබන බලපෑම අපි මනින අතර අපගේ ප්රගතිය සම්බන්ධයෙන් අපි ප්රජාව වෙත වාර්තා කරමු.
අපට මෙම උපාය මාර්ගය අවශ්ය වන හේතුව
අපගේ විවිධත්වය
- වික්ටෝරියානුවන්ගෙන් 30% ක් විදේශවල ඉපදී ඇත
- ඕස්ට්‍රේලියානු පළමු ජනතාවගෙන් 8% ක් ජීවත් වන්නේ වික්ටෝරියාව තුලය.
- වික්ටෝරියානුවන් ප්රවේණි 300 කට අධික ප්රමානයකින් පැවත එන අතර, භාෂා සහ උප භාෂා 290 ක් කථා කරන අතර, විවිධ විශ්වාස 200 කට ආසන්න ප්‍රමාණයක් අදහයි
වර්ගවාදය තව දුරටත් ගැටළුවක්වේ
- 2022 දී පළමු ජනතාවගෙන් 5 න් 3 ක් (60%) ඕස්ට්‍රේලියාව තුල වර්ගවාදය අත්විඳි බවට වාර්තා කර ඇත.
- 2023 දී ජනතාවගෙන් 5 න් 1 ක් (18%) ඕස්ට්‍රේලියාව තුල වර්ගවාදය අත්විඳි බවට වාර්තා කර ඇත.
- ඕස්ට්‍රේලියානුවන්ගෙන් 5 න් 3 ක් (63%) ආසියා අප්‍රිකා හෝ මැද පෙරදිග හෝ ක්‍රිස්තියානි නොවන ආගමක් යන එක් හෝ වැඩි කොටසක් සම්බන්ධයෙන් ඝෘණකාරී අදහස් ඇත.
- ඕස්ට්‍රේලියානුවන්ගෙන් 5 න් 3 ක් (62%) වර්ගවාදය ‘ඉතා විශාල’ හෝ ‘සෑහෙන විශාල’ ගැටළුවක් ලෙස දකී.
තොරතුරු මද කම හෝ සේවා සම්බන්ධයෙන් ප්රජාව තුල ඇති විශ්වාසය අඩුවීම මගින් අදහස් වන්නේ වර්ගවාදය ඇති පමණට වාර්තා නොවන බවයි.
අප කථා කලේ කවුරුන් සමඟද
පළමු ජනතාව, බහුසංස්කෘතික සහ බහු ආගම් අදහන වික්ටෝරියානුවන් 670 දෙනෙකුට වැඩි දෙනෙකුට අපි සවන් දුනිමු. මේ අය අතර ප්රජා නායකයන්, විශේෂඥයන් සහ මුල්පෙළේ රාජකාරී කටයුතු කරන්නත් සිටින ලදී.
වික්ටෝරියාවේ වර්ගවාදය වාර්තා කිරීම
කිසිවෙකු විසින් වර්ගවාදය ඉවසා දරා සිටිය යුතු නැත. ඔබ වර්ගවාදය හෝ වෙනසකට ලක් කිරීම අත්විඳියහොත් හෝ ඇසින් දුටුවහොත් ඔබට වාර්තා කල හැක,
වික්ටෝරියානු සමාන අයිතිවාසිකම් සහ මානව හිමිකම් කොමිසම
සතියේ දිනවල පෙව 10 සිට පව 2 දක්වා දුරකථන අංක 1300 292 153 අමතන්න. ඔබට භාෂණ පරිවර්තකයෙකු අවශ්ය නම් දුරකථන අංක 1300 152 494 අමතන්න.
ඊමේල් enquiries@veohrc.vic.gov.au
අවිධිමත් වාර්තාවක් මාර්ගගතව සිදු කරන්න.
ඔබ බිහිරි, ඇසීමට දුෂ්කර හෝ අථන අපහසුකම් ඇතිනම්, ජාතික රිලේ සේවාව සමඟ සම්බන්ධ වන්න.
වික්ටෝරියා පොලීසිය
ආපදා තත්ව, සිදුවන අපරාධයක් වාර්තා කිරීමට හෝ හදිසියේ පොලිස් පැමිණීම අවශ්ය නම්, බිංදු තුන (000) අමතන්න.
හදිසි ආපදා නොවන කරුණු සඳහා, දුරකථන අංක 131 444 ඔස්සේ පොලිස් උපකාර මාර්ගය හෝ නොමිළේ භාෂණ පරිවර්තකයෙකු සඳහා දුරකථන අංක 131 450 අමතන්න.
ඔබගේ පළාතේ පොලිස් ස්ථානය වෙත ගොස් හෝ මාර්ගගතව පැමිණිල්ලක් සිදු කල හැක.
දුරකථන අංක 1800 333 000 ඔස්සේ අපරාධ නවත්තන්නන් හට නිර්නාමිකව වාර්තා කල හැක.
වැඩිදුර උපකාර සහ පැමිණිලි විකල්ප සඳහා කරුණාකර වික්ටෝරියාවේ වර්ගවාදයට එරෙහි උපාය මාර්ගය වෙත පිවිසෙන්න
වැඩිදුර විස්තර
සම්පූර්ණ උපාය මාර්ගය ඉංග්රීසි භාෂාවෙන් හෝ මෙම සාරාංශය වෙනස්භාෂාවලින් මාර්ගගතව ලබාගත හැක.
වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 131 450 ඔස්සේ පරිවර්තන සහ තෝල්ක සේවාව (TIS) අමතා දුරකථන අංක 03 9651 5111 ඔස්සේ අග්රාමාත්ය සහ කැබිනට් දෙපාර්තමේන්තුව ඇමතිය හැකිය.
අග්රාමාත්ය සහ කැබිනට් දෙපාර්තමේන්තුව වෙත antiracism.strategy@dpc.vic.gov.au ඔස්සේ ඊමේල් පණිවිඩයක්ද යැවිය හැක.
Updated 27 November 2024
About the VIC Government
- The Premier and ministers
- Find a Vic Gov department, agency or service
- Strategies and policies
- Inquiries and royal commissions
Grants and programs
Jobs and careers
Arts, culture and heritage
Business and the workplace
- Mentally Healthy Workplaces Framework
- Portable Long Service Authority
- Victoria’s racing industry
- Workforce Inspectorate Victoria
- Liquor licensing, sale and supply
Communities
- Children
- First Peoples - State Relations
- Finding records
- Gender equality & women’s leadership
- LGBTIQA+ equality
- Multicultural communities
- Seniors Online
- Veterans support and commemoration
- Volunteering in Victoria
- Youth Central
Education and training
- Victorian Early Childhood Regulatory Authority
- Early childhood education – information for professionals
- Kinder: Best Start, Best Life
- Education – information for parents
- Schools.Vic - information for schools
- Education grants, programs, awards and events
- PROTECT
- TAFE, training and universities sector
- TAFE Victoria
- Victorian Skills Authority
- Apprenticeships Victoria
- Learn Local
Environment, water and energy
Finance and economy
Health and social support
- Family violence reform
- NDIS Worker Screening Check
- NDIS and disability services and support in Victoria
- Patient Review Panel
- Transforming Trauma Victoria
Housing and property
Law and justice
- Adoption
- Births, deaths and marriages
- Honorary justices
- Machete ban
- Safeguarding Victorians against terrorism
- Stolen Generations Reparations Package
- Victims of Crime
- Victorian Racing Tribunal
Safety and emergencies
- Emergency Recovery Victoria
- Victorian Emergency Relief and Recovery Foundation
- Emergency Recovery Resource Portal
- How well do you know fire
- Fire Services Reform
- Water safety
- Marine Search and Rescue
Science and technology
- Data sharing and open data
- Data.vic - discover and access Vic Gov open data
- Developer.Vic - portal for API developers
- Go.vic URL shortener
- Vic Gov IT project dashboard
- Victoria’s free public wi-fi network
- Cyber security in the Victorian Government
Sport and recreation
Traffic and transport
- Cameras Save Lives
- Transport Fines
- Getting Around
- Transport Planning
- Transport Future
- Climate Change and transport
- Future Directions For Transport
- Transport projects
- Ports and Freight
Working in the Victorian Government
- Single Digital Presence home
- Accommodation and Library Services
- Executive employment in the Victorian public sector
- Budget, procurement and funding
- Careers in the Victorian Government
- Council and Regulator Toolkit
- Guidelines for working in government
- Join a government network
- Standards and guidelines
- VicFleet CarPool
- Victorian Government style guide