Mini vic.gov.au

This is a low bandwidth version of vic.gov.au. Contents may not be up to date. © Copyright State Government of Victoria

ෆ්‍රී කින්ඩර් (About Free Kinder) - සිංහල (Sinhalese)

On this page

වික්ටෝරියාව පුරා සහභාගී වන සේවාවන්හිදී අවුරුදු තුනේ සහ හතරේ කින්ඩර් හෝ පෙර-සූදානම් වැඩසටහන් Free Kinder (නොමිලේ ළදරු පාසල්) වෙතින් ලබා ගත හැකිය. දීර්ඝ දිවා රැකවරණ සේවා මෙන් ම සැසිමය සේවා (සෙෂනල් ලෙස ද හැඳින්වෙන) ද මෙයට ඇතුළත් වේ.

පවුල්වලට මුදල් ඉතිරියක්

සහභාගී වන සැසි ළදරු පාසලකට ඇතුළත් කර ඇති දරුවන් සිටින පවුල්වලට නොමිලේ වැඩසටහනක් ලැබේ.

සහභාගී වන දිගු දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුළත් කර ඇති දරුවන් සිටින පවුල්වලට වාර්ෂික ගාස්තු හිලව්වක් ලැබේ.

ෆ්‍රී කින්ඩර් සඳහා සුදුසුකම්

ෆ්‍රී කින්ඩර් සියල්ලන්ටමය.

මේ සඳහා ප්‍රවේශය ලැබීමට හෙල්ත් කෙයා කාඩ්පතක්, විශ්‍රාමික කාඩ්පතක්, ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හෝ ලිපිනය තහවුරු කිරීමක් අවශ්‍ය නොවේ. ළදරු පාසල් නොමිලේ ලබා ගැනීමට ඔබට ඔස්ට්‍රේලියානු රජයේ ළමා රැකවරණ සහනාධාරය (CCS) සඳහා සුදුසුකම් අවශ්‍ය වන්නේ ද නැත.

ඔබට එක් වරක දී ‌ෆ්‍රී කින්ඩර් සේවාවන් ලබා ගත හැක්කේ එක් ළදරු පාසල් සේවාවකදී පමණි. ඔබට ෆ්‍රී කින්ඩර් සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය සේවාව නම් කරමින් ලියුමක් අත්සන් කරන ලෙස ඔබේ ළදරු පාසල් සේවාව විසින් ඉල්ලා සිටිනු ඇත. ඔබේ දරුවා ළදරු පාසල් සේවා එකකට වඩා සහභාගි වන්නේ නම්, ඔබට ෆ්‍රී කින්ඩර් ලබා ගැනීමට අවශ්‍ය ස්ථානය සෑම සේවාවකටම දැනුම් දිය යුතුය.

ෆ්‍රී කින්ඩර් සඳහා වන අරමුදල් ලබා ගන්නේ කෙසේද

ෆ්‍රී කින්ඩර් සේවා සපයන ළදරු පාසල් සේවාවලට ඍජුව ම වික්ටෝරියානු රජයෙන් අරමුදල් ලැබේ. මෙයින් අදහස් වන්නේ ඔබට ඉතිරි වන මුදල ආපසු ලබා ගැනීම වෙනුවට ඔබේ ගාස්තුව අඩු වනු ඇති බවයි. සැසිමය ළදරු පාසලක ඔබේ වැඩසටහන නොමිලේ ලබා දේ.

දීර්ඝ කාලීන දිවා රැකවරණ වැඩසටහන් ලබා ගන්නා පවුල්වලට එක් එක් බිල් සකසන චක්‍රයේ දී නොමිලේ සැපයෙන ළදරු පාසල් නිසා තමාට සිදු වූ ඉතිරිය වික්ටෝරියානු රජයේ නොමිලේ සැපයෙන ළදරු පාසල් හිලව් කිරීම යනුවෙන් ඉන්වොයිසිවල පැහැදිලිව සළකුණු කර තිබෙනු ඇත.

ඔබ අතින් ගෙවන මුදලට හිලව් මුදල අදාළ වන්නේ කෙසේද

නොමිලේ සැපයෙන ළදරු පාසල් හිලවු මුදල වසර පුරා ඔබේ ගාස්තුවලට නිතිපතා (සතියකට හෝ ‌දෙසතියකට වරක් ආදී ලෙස) යොදවනු ඇත. ඔබේ ලදු පතෙහි එම ගණන පැහැදිලිව ‘Victorian Government Free Kinder offset’ (වික්ටෝරියානු රජයේ නොමිලේ සැපයෙන ළදරු පාසල් හිලව්ව) ලෙස ඔබට දැක ගැනීමට හැකිවනු ඇත.

හිලව් මුදල ඔබේ ගාස්තුවට අදාළ වන්නේ කෙසේද හා එය ඔබේ ලදු පතේ සඳහන් ‌වන්නේ කෙසේද යන්න ගැන විස්තර සඳහා, කෙලින් ම ඔබේ සේවාව සමග කතා කරන්න. ඔබේ දරුවා සතියකට පැය 15 කට වඩා ප්‍රවේශ වන්නේ නම්, මෙම අතිරේක පැය හිලව් මුදලින් ආවරණය නොවේ.

ඔබ පොදු රාජ්‍ය මණ්ඩලීය ළමා රැකවරණ සහනාධාරයසඳහා සුදුසුකම් ලබයි නම් පළමුකොට මෙය අදාළ කර ගනු ඇත. මෙයින් අදහස් වනුයේ ඔබට CCS වලින් පසු හා ෆ්‍රී කින්ඩර් හිලව්ව අදාළ කර ගැනීමෙන් පසු ගෙවීමට සිදු වනු ඇත්තේ ඉතිරි මුදල පමණක් වනු ඇති බවයි.

උදාහරණ:

මතක තබා ගන්න මෙය උදාහරණයක් පමණක් වන අතර පිරිවැය තනි තනි තත්වයන් අනුව සහ වාර්ෂික ෆ්‍රී කින්ඩර් හිලව්ව අනුව වෙනස් වේ.

Updated 26 March 2026



About the VIC Government

Grants and programs

Jobs and careers

Arts, culture and heritage

Business and the workplace

Communities

Education and training

Environment, water and energy

Finance and economy

Health and social support

Housing and property

Law and justice

Safety and emergencies

Science and technology

Sport and recreation

Traffic and transport

Working in the Victorian Government